Tuesday, September 30, 2014

ලංකාවටත් විදුලි ත්‍රීරෝද රථ



ළඟදීම ශ්රී ලංකා වෙළඳපොළට විදුලියෙන් ධාවනය කල හැකි විදුලි ත්රි රෝද රථ හා යතුරු පැදි  ජපානයේ ප්රමුඛතම සමාගමක් වන Terra Motors Corporation සමාගම විසින් හඳුන්වා දීමට නියමිතයි.

Terra Motors Corporation  සමාගම විසින් මේ සඳහා බ්රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ මහතා සඳහන් කරන්නේ විදුලි වාහන භාවිතා කිරීම ප්රවර්ධනය කිරීම ශ්රී ලංකාවට දැවැන්ත වාසියක් වනු ඇති බවයි. සංචාරක කර්මාන්තය සඳහා විශාල නැඹුරුවක් ඇති ලංකාවට මෙවැනි වාහන හඳුන්වාදීම මගින් පරිසරය රැක ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම අවධාරණය කරයි.

ලබන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය වෙළඳ පොළටද විදුලි ත්රි රෝද රථ හඳුන්වා දීමට Terra Motors විසින් සැලසුම් කර තිබේ.

තවද ලෝකයේ පරිසර දූෂණය වැඩිකිරීමට ප්රබල හේතුවක් වී ඇති ඉන්ධන මගින් ධාවනය කරන යතුරු පැදි වලින් සියයට 80 ක්ම ආසියානු කළාපයේ තිබෙන අතර සෑම වසරකම වියට්නාමයේ 16,000 ක් පමණ දෙනා වාතය දූෂණය වීම නිසා මියයන බව Terra Motors සමාගම පවසා ඇත.


No comments:

Post a Comment